ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අනුබද්ධව බීජ අලෙවිසැල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබේ. ඒ, කෘෂිකර්ම දෙපාර්තමේන්තු විසින් නිපදවනු ලබන බීජ ගොවීන්ට පහසුවෙන් ලබා ගැනීම සඳහායි. මේ අතර මෙරට වගා කටයුතු සඳහා අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිශ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි දෙමුහුම් බීජ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපළ මඟින් නිශ්පාදනය පුළුල් කිරීම මේවනවිටත් ආරම්භ කර ඇති බවයි එම’ දෙපාර්තමේන්තුව පැවසුවේ.
Similar Posts
මධ්‍යම කදුකරයේ කාලගුණය අයහපත්
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් ප්‍රදේශයේ විටින් විට මද වැසි සමග දැඩි මීදුම් තත්වයන්ද පවති. හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේ ස්ථාන කිපයකම විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බැවින් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්ද පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මෙම මාර්ග…
ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට
මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත. එනමුත් මේ වන විට ඡන්ද ගණන් කිරීම සිදු කරන ජනාධිපතිවරණයේ ප්‍රධාන තීරණාත්මක එනම් ඉතා විශාල ඡන්ද විද්‍යාල ආසන ගණනක් හිමි ප්‍රාන්ත වන විස්කොන්සින්, මිචිගන්, පෙන්සිල්වේනියා වැනි…
මහීපාල මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරයි
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඊයේ (13) පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුවේ දී අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කෙරෙන අන්දමේ මුඛ ආවරණයක් පැළද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ හැසිරීම මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. රාජ්‍ය ආයතන ප්‍රධානින් ගේ සහභාගීත්වයෙන් කැදවා තිබූ මෙම පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව…
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි
ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය අදට (03) යෙදී තිබේ. 1991 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර එයින් අනතුරුව 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ලෝක නිදහස් මාධ්‍ය දිනය ලෙස මැයි මස 03 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මාධ්‍ය වෙත එල්ල වී ඇති අභියෝග, බලපෑම්…
දුම්රිය සතියක් වර්ජනයකට යන ලකුණු
අමාත්‍යවරයා සමඟ එළැඹෙන අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, අඟහරුවාදා දින අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි. එහිදී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කරයි.