motor

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සියලුම වාහන දුම් සහතිකය නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

එම මෙහෙයුම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ පරිසර නිලධාරින් සම්බන්ධ කරගනිමින් සකස් කර ඇත.

එහිදී හමුවන අඩුපාඩු සහ නිවැරැදි කිරීම් මාස තුනකට වරක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට භාජනය කිරීමට නියමිතව ඇත.

වාහන දුම් සහතිකය නිකුත් කරන එම මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමට සහ මාර්ගස්ථ අහඹු වාහන පරීක්ෂාවන් සිදුකිරීමට සැලසුම් කර ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Similar Posts