බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර ඇති බව ප්‍රකාශයක් නිකුත් කරමින් බකිංහැම් මාළිඟය කියා සිටියි.
ඔවුන් දෙදෙනා තවදුරටත් රජ පවුලේ ක්‍රියාකාරී සාමාජිකයින් නොවන බැවින් එම තීරණය ගෙන ඇති බව සදහන් වෙයි .
හැරී , මේගන් සහ ආචී කුමරු සැමදා සිය පවුලේ ආදරණීය සාමාජිකයන් වනු ඇතැයි බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් රැජිණ වැඩිදුරටත් සඳහන් කළා ය.