13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය බෙදීමට නම් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ අකටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි.

ඉන්දීය ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම සහ මෙරට දේශපාලන පක්ෂ නායකයන් අතර ඉකුත් දා පැවති හමුවක දී මේ බව ඔහු සඳහන් කර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණු බව සඳහන් වෙයි.

Similar Posts