හුංගම, බටඅත ප්රදේශයේදී බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙකු මිය ගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇත.
අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු , කාන්තාවක් සහ වයස අවුරුදු 3ක කුඩා දැරියක් රන්න රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගිය අයගේ මෘතදේහ තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ මේ වන විට තැන්පත් කර තිබේ.