ජී 20 රටවල දෙදින රාජ්‍ය නායක සමුළුව අද (09) ආරම්භ වේ.
ඒ, මෙවර එහි සභාපතීත්වය දරන ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදීයි.
පළමු ජී 20 රාජ්‍ය නායක සමුළුව 2008 වසරේදී අමෙරිකාවේ වොෂිංටන් අගනුවරදී පැවැත්විය.
ඕස්ට්‍රේලියාව, චීනය, ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඇතුළු රටවල් 19ක් සහ යුරෝපා සංගමය ජී 20 කණ්ඩායමට ඇතුළත් ය.
හරිත සංවර්ධනය, තිරසාර සංවර්ධන ඉලක්කවල ප්‍රගතිය වේගවත් කිරීම, තාක්ෂණික පරිවර්තනය සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය සහ කාන්තා සවිබල ගැන්වීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙවර සමුළුවේදී අවධානය යොමු වනු ඇති.
අප්‍රිකානු සංගමයට ජී 20 කණ්ඩායමේ සාමාජිකත්වය ලබාදීම පිළිබඳව ද සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිශිඩා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් ඇතුළු රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් ඊයේ සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට පැමිණියේ ය.
කෙසේවෙතත් ජී 20 කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයින් වන රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සහ චීන ජනාධිපති ශී ජින්ග් පින්ග් සමුළුවට සහභාගී නොවන බව පසුගිය දා නිවේදනය කළේ ය.