මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්ය.
එම තත්වයන් මත 12දින උදැසන වන විට එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 22ක් පහලින් පවතින බවත් ඉදිරියේද වැසි පතිතවුවහොත් මෙහි ජල මට්ටම තව දුරටත් ඉහළ යාමට හැකි බවත් මෙහි ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස මුදා හැරිමට මේ වන විට පියවර ගෙන ඇති බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා