නුවරඑළිය සිට මෙරායා දක්වා ධාවනය වෙමින් තිබු ලොරි රථයක් කිරිමැටිය ප්රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් එහි ගමන් ගත් තිදෙනකු තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නානුඔය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නුවරඑළිය සිට මෙරායා දක්වා ධාවනය වෙමින් තිබු අංක DAH 6863 දරණ ඩිමෝ බට්ටා වර්ගයට අයත් ලොරි රථය කිරිමැටිය ප්රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමන පල්ලමකට පෙරලිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් එම අනතුරින් තුවාල ලැබු කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කල බවත්ය.
මේ ලොරි රථය ධාවනය කරවිමෙදි එහි වේගය පාලනය කර ගැනිමට නොහැකි විමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මුලීක පරික්ෂනවලින් හෙලිව ඇති බවත් මෙම අනතුර පිලිබදව වැඩි දුර පරික්ෂ ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය මහ රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ ලොරි රථයක් අනතුරට ලක් විමෙන් ඉරේෂා ලක්මාලි අවු. 30, බි. එම්. ප්රියන්ත ගාමිණි අවු.41, දන්ගරාජ් ශ්රිකාරත් අවු. 32ක් යන අය රෝහල් ගත කර ඇති බවත් එම රෝගින් මේ වන විට රෝහලේ නේවාසිකව ප්රථිකාර ලබන බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්