දීර්ඝ සති අන්තය ආරම්භ විමත් සමග අවාරයේ ශ්‍රීපාදය වන්දනා කිරිමට 28වන දින අසුවත් සියයත් අතර පිරිසක් පැමිනි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩි. ඒ. පි. එස්. වීරසේකර මහතා පවසයි.

මේ පිලිබදව කරන ලද විමසිමේදි වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ අඹගමුව හා නොර්වුඩ් ප්‍රාද්ශීය සභාවලින් අවසර පත් ලබා ගෙන අවාරයේ ශ්‍රිපාදය වන්දනා කිරිමට හැකියාව පවතින බවත් ඒ අනුව අවසර පත් ලබා ගෙන මෙම සති අන්තය ආරම්භවු 28වන දින මෙසේ පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි බවත්ය.

මෙම සති අන්තයට අමතරව වෙනත් සති අන්ත දිනවලද අවසර පත් ලබා ගෙන අවාරයේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පිරිස් පැමිනෙන බවත් සමන්‍ය දිනවලද විදෙස් සංචාරකයන් දහා පහාලොස් දෙනකු පැමිනෙන බවත් මෙසේ පැමිනෙන පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් නල්ලතන්නිය පොලිසිය විසින් ආරක්ෂාව ලබා දිමට පියවර ගෙන ඇති බවද වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts