පවතින අධික වර්ෂාව සමග දිස්ත්රික්ක 07ක් සඳහා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
ඒ අනුව කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර ,මහනුවර, රත්තපුර, කෑගල්ල සහ මාතර දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
මේ අතර අත්තනගලු ඔය, ගිං, කළු හා නිල්වලා ගංගාවල ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.