මධ්‍යම කදුකරයට ඇද හැලුන වැසි තත්වයන් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ එළවළු වගාවන් විනාශයට පත් විමත් සමග එම ප්‍රදේශයේ එළවළු ගොවින් පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බගවන්තලාව ටින්සින් යන ප්‍රදේශවල එලවළු ගොවින් කිප දෙනකුම පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පැවති වැසි තත්වයන් හේතුවෙන් තමන් විශාල මුදලක් වැය කර ඉතා දුකසේ වගා කරන ලද එලවළු වගාවන් විනාශයට පත් විමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
තමන් විවිධ ණය ලබා ගෙන මෙසේ එලවළු වගාවන් සිදු කරන ලද්දේ තමන් තුල පවතින ආර්ථික ප්‍රශ්නවලට යම් විසදුමක් ලබා ගැනිමේ අරමුණින් බවත් එහෙත් පැවති වැසි තත්වයන් හේතුවෙන් තම එලවළු වගාවන් මෙසේ විනාශයට පත් විමෙන් තමන් මේ වන විට කබලෙන් ලිපට වැටෙන තත්වයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්