විශ්රාම යාමෙන් අනතුරුව ද සේවා දිගුවක් ලබා දීමෙන් පසු පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ C.D වික්රමරත්න මහතාට යළි සති තුනක සේවා දිගුවක් ලබා දී තිබේ.
පළමු වර ඔහුට මාස තුනක සේවා දිගුව ලබා දුන්නේ මෙම වසරේ මාර්තු මස 26වන දිනයි.
ඒ අනුව ජුනි 26වනදා ඔහුගේ පළමු සේවා දිගුව අවසන් විය.
කෙසේ වෙතත් එම අවස්ථාවේ දී ද පොලිස්පති ධුරය සඳහා කිසිවෙකුත් පත් නොකළේ ඒ සඳහා පවතින තරගය නිසා බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන් අනතුරුව ඔහු ට යළි මාස තුනකට සේවා දිගුවක් ලබා දුන් අතර, එම දෙවන සේවා දිගුව පසුගිය 09 වනදා අවසන් විය.
ඒ අනුව එදා සිට ඊයේ(13) දක්වා ශ්රී ලංකා පොලිසිය ක්රියාත්මක වූයේ පොලිස්පතිවරයෙකු නොමැතිවයි.
කෙසේ වෙතත් තවමත් පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට අපොහොසත් වීම නිසා C.D වික්රමරත්න මහතාට ඊයේ සිට යළි සති තුනක සේවා දිගුවක් ලබා දී තිබේ.