පාවෙන සූර්ය බලාගාරයක් සමනල වැව ජලාශයේ මතුපිට ඉදිකිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම මගින් ජලාශ මතුපිට සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සීමිත ඉඩ සහිත රටවල් සඳහා වඩා සුදුසු විකල්පයක් බව රජය සදහන් කරයි.
ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශ මතුපිට සූර්ය බලශක්තිය ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මනා විභවයක් පවතින බවට හඳුනාගෙන ඇත.
සමනලවැව ජලාශයේ දළ වශයෙන් හෙක්ටයාර 100ක ජලය මතුපිට මෙගාවොට් 150-200 පමණ පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා යොදා ගැනීමේ හැකියාව පවතින බව රජය සදහන් කරයි.