හය වන වරටත් එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට මීට සුළු මොහොතකට පෙර ඔස්ට්‍රේලියාව සමත් විය.

ඒ, ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක පහසු ජයක් හිමි කර ගනිමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 240ක් පමණි.

කේ.එල්. රාහුල් ලකුණු 66ක්, විරාට් කෝලි ලකුණු 54ක් සහ රෝහිත් ෂර්මා ලකුණු 47ක් ලෙස ලකුණු රැස් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මුල් කඩුලු 3 අඩු ලකුණු සංඛ්‍යාවකදී දැවී ගිය ද, ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සහ මානස් ලබුෂේන් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

එහිදී, ට්‍රැවිස් හෙඩ් ලකුණු 137ක් රැස් කළ අතර මානස් ලබුෂේන් නොදැවී ලකුණු 58ක් රැස් කළේය.

ඔස්ට්‍රේලියාව මීට පෙර 1987, 1999, 2003, 2007, 2015 යන වසරවලදී ලෝක කුසලානය හිමි කර ගත්හ.

Similar Posts