පාසල් සිසුන් පිරිසක් සිය දිවා ආහාරය පොලීතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින් ඔවුන්ට එම පොලීතින් කන ලෙස බලකළ බව පැවසෙන රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාපයට මාරු කර යවා තිබේ.

අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

පාසල් සිසුන්ට දිවා ආහාරය ඔතන ලද ලන්ච් ෂීට් සහ පත්තර කඩදාසි බලහත්කාරයෙන් කැවීම සම්බන්ධයෙන් පුවතක් නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඊයේ වාර්තා වුණි.

මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දීම අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අමතා තොරතුරු ලබාගෙන ඇත.

Similar Posts