kelani-river-flood

අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පිහිටි වැව් දහතුන් දහසකට අධික සංඛ්‍යාවක් වාන් දමමින් පවතින බව ගොවිජන සහ වාරිමාර්ග අංශ සඳහන් කරයි.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් වලින් සියයට අනූවක් පමණ වාන් දමන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න පැවසුවේය.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් දහතුන්දහස් පන්සීයක් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හා ජලාශ 100කට ආසන්න සංඛ්‍යාවක් ද වාන් දමමින් පවතී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් වලින් මහා පරිමාණ ජලාශ 30ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 60ක් වාන් දමන බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී. සුගීෂ්වර පැවසුවේය.

Similar Posts