සුරාසල් විවෘත කරන වේලාවන් සහ වසා තබන වේලාවන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සුරාබදු ආඥා පනතේ (52වන අධිකාරිය වූ) 32 වන වගන්තියේ 1 වන උපවගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්රාකාරව ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
එම වේලාවන් හෙට (දෙසැ. 9) සිට බලාත්මක බව එහි සඳහන් ය.
ඒ අනුව, රට බීම තැබෑරුම් බලපත්ර පෙරවරු 10 සිට රාත්රී 9 දක්වාත්, විදේශීය මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්ර උදෑසන 8 සිට රාත්රී 10 දක්වාත්, සංචාරක මණ්ඩලයේ අනුමැතිය රහිත හෝටල් බලපත්ර උදෑසන 10 සිට රාත්රී 11 දක්වාත් විවෘතව තැබීමට අවසර හිමි වේ.
එමෙන් ම, සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත හෝටල් බලපත්ර වර්ගීකරණ අනුව රාත්රී 12 හෝ අලුයම 2 දක්වා විවෘතව තැබිය හැකි ය.
එමෙන් ම, සමාජ ශාලා සහ තානායම් බලපත්ර සහිත ස්ථාන ද රාත්රී 12 දක්වා විවෘතව තැබිය හැකි ය.