කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ අරමුදල් රැස් කිරීම සඳහා භාවිත කළ itukama.lk වෙබ් අඩවිය කවදුරටත් පවත්වාගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත.
පැරණි දැන්වීම් සහ අරමුදල් වාර්තා පමණක් මෙම වෙබ් අඩවියෙහි සංරක්ෂණය වී පවතින අතර, වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශ්වයන් වෙතින් ලබාගෙන අවභාවිතා කිරීමට හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනාධිපති කාර්යාලය සියළු ජනතාවට දැනුම් දෙයි.