ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වීශේෂ බස් සේවාවන් යෙදවිමට හැටන් ලංගම ඩිපෝව මගින් පියවර ගෙන ඇත.
ලංකාවේ විවිධ ප්‍රදේ‍්ශවල සිට දුම්රියෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා මෙම වීශේෂ බස් රථ සේවාවන් යෙදවිමට පියවර ගෙන බව හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් දුම්රිය ස්ථානයට දුම්රියන් පැමිනෙන වේලාවන් අනුව ශ්‍රිපාද දක්වා ගමන් කරන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වාත් නල්ලතන්නියේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වාත් මෙම වීශේෂ බස් රථ සේවාවන් යෙදවිමට පියවර ගෙන ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts