එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට විවිධ ප්රදේශයන් තුල එළවළු මිල ගනන් දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට එළවළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.
එළවළු මිල මෙසේ අධික ලෙස ඉහල යාමත් සමග එළවළු බත් පතේ මිලද ඉහල දැමිමට සිදුවන බව නගරයේ හෝටල් හිමියන් කිප දෙනකුම පවසන ලදි.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වන එළවළු වෙළදුන් කිපදෙනකුම පවසනුයේ එළවළු තොග මිල ගනන් මෙන්ම ප්රවාහන ගාස්තු ඉහල යාමත් සමග එළවළු මිල ගනන් මෙසේ ඉහල ගොස් ඇති බවත්ය.
එළවළු මිල මෙසේ ඉහල යාමත් සමග එළවළු අලෙවිය දැඩි ලෙස පහල බැසිමෙන් පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම වෙළදුන් වැඩි දුරටත් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්