දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද(08) පැවැත්වෙයි.
1899 වසරේ ජනවාරි මස 08 වනදා උපත ලැබූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායක මහතා බ්‍රිතාන්‍යයේදී නීති අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළේ ය.
1956 වසරේදි අගමැති ධුරයට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා 1956 වසරේදී ඝාතනයට ලක්විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජන්ම දින සැමරුම් උත්සවය අද ගාලු මුවදොරදී පැවැත්වෙන බවයි.
ඒ අනුව පෙරවරු 8.30 ට බණ්ඩාරනායක පිළිරුව අභියසදී එම සැමරුම් උත්සවය පැවැත්වෙනු ඇති.