බන්ධනාගාර සිරමැදිරිවල වාට්ටු ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව පෙන්වා දෙයි.
ඒ අනුව රැඳවියන්ගේ ප්රතිශතය සියයට 232ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ දැක්වේ. රැඳවියන් නඩත්තු කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බව ද එම වාර්තාවේ සඳහන් වේ.
බන්ධනාගාර 27ක වැසිකිළි 187ක හිඟයක් පවතින අතර දැනට පවතින වැසිකිළිවලින් 287ක් අලුත්වැඩියා කළයුතු තත්ත්වයේ පවතින බවත් සඳහන්ය.