අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ දකුණු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පී චාමර වීරසිංහ සුවය ලබා නිවස බලා පිටත්ව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

චාමර වීරසිංහ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් දින 40කට ආසන්න කාලයක් එම රෝහලේ ප්‍රතිකාර ලබා ඇත.

රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ එහිදී ඔහුගේ උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට ලක් කෙරුණු බවයි.

චාමර වීරසිංහ රෝහල්ගත කළ මොහොතේ සිටම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ආගමික වතාවත්වල නිරත වෙමින් ඔහුට සුවය ප්‍රාර්ථනා කිරීම් ද සිදු කළේය.

Similar Posts