නුවරඑළිය සදතැන්න පාරිසරක උද්‍යානයේ සිට දෙස් විදේස් සංචාරකයන්ට හිරු උදාව නැරබිමේ අවස්ථාව නැවත ලබා දිමට පියවර ගන්නා බව මධ්‍යම පලාත් ආන්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා පවසයි.
සදතැන්න පාරිසරක සංචාරක කලාපය පිලිබදව සොයා බැලිමට හදිසි නිරික්ෂන චාරිකාවට එක්වු මධ්‍යම පලාත් ආන්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා මේ බව පැවසිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ලලිත් යු. ගමගේ මහතා අංශක තුන්සිය හැටක දර්ශණයක් නැරබිමේ හැකියාව පවතින සදතැන්න (MOON PLAINS) පාරිසරික කලාපයේ හිරු උදාව නැරබිමේ සංචාරක ආකර්ශනය ලබා ගත් ස්ථානයක් වුවද විවිධ හේතුන් නිසා ඒ සදහා අවශ්‍ය පහසුකම් නොමැති බව ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධකයන් විසින් දැනුවත් කිරිමක් මත එහි ඇති අඩු පාඩු සොයා බැලිමට මෙම නිරික්ෂන චාරිකාවට එක්වු බවද ලලිත් යු. ගමගේ මහතා පවසන ලදි.
සදතැන්න සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන් සදහා අවශ්‍ය පහසුකම් ඇති කිරිමට කටයුතු කරන ලෙසත් රටක් ලෙස ආර්ථික වශයෙන් නැගි සිටිමට උත්සහා කරන මෙම අවස්ථාවේදි භේද බින්න පසෙක දමා ආර්ථික සමාජිය දියුනුව උදේසා සියළුම දෙනා තම යුතුකම් සහ වගකිම් නිසි ලෙද වටහා ගෙන කටයුතු කිරිම වැදගත් බවද ඔහු වැඩි දුරටත් පැවසිය.
මුහුදු මට්ටමේ සිට අඩි 6200ක උසින් පිහිටා ඇති සදතැන්න පාරිසරික කලාපයේ නැරඹුම් මධ්‍යස්ථානයේ සිට මෙරට උසම කදු මුදුන් දහායෙන් නවයක්ම නැරබිමේ හැකියාව පවතින අතර හෝර්ටන් තැන්න වනෝද්‍යානය ආශ්රිත පරිසර කලාපයට සමාන පරිසර පද්ධතියකින් සමන්විත සදතැන්න වන සතුන් සැරි සරන අති සුන්දර ප්‍රදේශයක් බවටද ප්‍රසිද්ධියට පත්ව ඇත.
මධ්‍යම පලාත් සංචාරක අධ්‍යක්ෂක මිහිරාන් බණ්ඩාර මහතා, නුවරඑළිය බීජ අර්තාපල් ගොවිපලේ නිලධාරින් හා සංචාරක ප්‍රවර්ධකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවයට එක් විය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්