ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්රෙක්ට් සංගමය විසින් සංවිධානය කරනු ලබන කාන්තා දින නිහඩ උද්ඝෝෂණයක් 07වන දින පවත්වා ඇත.
මේ පිළිබදව අදහස් දැක්වු පොට්රෙක්ට් සංගමයේ සභාපති හා නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධිකාරක එම්. මෛයිතිලි මහත්මිය පවසන ලද්දේ අවිදිමත් අංශයේ කාන්තාවන් හා සියළු කාන්තාවන්ට එරෙහි හිංසනයට හා වෙනස් කොට සැලකිමට එරෙහිව පෙලගැසිම පිටු දකිමු, කාන්තා අයිතින් දිනා ගනිමු යන තේමාව යටතේ මෙම නිහඩ උද්ඝෝෂණය පවත්වන බවත්ය.
ඒ අනුව එම නිහඩ උද්ඝෝෂණය 07වන දින පෙරවරු 10.00ට හැටන් දුම්රිය ස්ථානය පිටු පසදි පැවැත්විමට පියවර (හැටන් දිඹුල මාර්ගයේ) ගෙන ගත් බවද මෛයිතිලි මහත්මිය වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්