හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත හැටන් ප්‍රදේශයට බේදා හරිනු ලබන ජලය සිමා කිරිමට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් පියවර ගෙන ඇත.
මේ පිලිබදව අදහස් දක්වන ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයට පවතින දැඩි කාලගුණික තත්වයන් මත හැටන් ජල පිරිපාහාදුවට ජලය සැපයෙන ඉන්වරි හා සිංගිමලේ ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස පහල බැසිමත් සමග ප්‍රදේශට ජලය සැපයිම සිමා කිරිමට සිදුව ඇති බවත්ය.
එම තත්වයන් මත හැටන් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට දින දෙකකට වරක් ජලය සැපයිමට පියවර ගෙන ඇති බවත් මෙම තත්වයන් පිලිබදව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts