ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු පිරිනැමීමේ ‘උරුමය’ ජාතික වැඩසටහන ජූනි මාසය වන විට අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කුමන ජන කොටසකට අයත් වුවද සැම පුරවැසියකුගේම සිහිනය ඉඩමක නීත්‍යනුකූල හිමිකම සතු කරගැනීම බව පැවසූ ජනාධිතිවරයා ඒ අයිතිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ විශ්වාසය බව අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පෙරවරුවේ යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති ‘උරුමය’ සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහනට එක් වෙමිනි.
මිලියන දෙකක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහනින් යාපනය ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 408ක් ලබාදීම මෙහිදී සිදු වූ අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානයට එක්විය. මේ අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පරිහරණය කළ ඉඩම් නිදහස් කිරීම ද මෙයට සමගාමීව ඊයේ (22) පලාලි ගුවන් හමුදා කඳවුරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.