මේ වසරේ එක ශ්‍රේණිය ප්‍රාථමික පාසල් අධ්‍යාපනය තමන්ට අහිමිවු බව කියමින් සිසුවියන් දෙනෙකු තමන්ව විද්‍යාලයට ඇතුලත්කර ගන්නා ලෙස ඉල්ලමින් අනුරාධපුර ඩී.එස්.සේනානායක ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට සිය දෙමාපියන් සමග විරෝධතාවක නිරතවි පසුව සිසුවියන් දෙදෙනා මවුපියන් සමග පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණ මහතාට දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරිම සදහා අද (05දා) උතුරුමැද පළාත් සභා පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ කාර්යාලය වෙත ගොස් සිටියහ.
විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා විසින් සිය දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුකර ඇති බව කියමින් මවුපියන් දරුවන් සමග පාසල ඉදිරිපිටටවි මම ආසයි ස්කෝලේ යන්න යනුවෙන් සදහන් පුවරුවක් අතැතිව විරෝධතාවයේ නිරතවුහ. තමන්ගෙන් දරුවන් පාසලට ඇතුලත් කිරිම සදහා විවිධ අල්ලස් ඉල්ලා තමන් ඊට එකගනොවු නිසා දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපන අයිතිය හිටපු විදුහල්පතිවරයා අහිමිකල බව ඔවුන් පැවසුහ.
හිටපු විදුහල්පතිවරයාට එරෙහිව පාසලට ළමුන් ඇතුලත්කර ගැනීමේදි සිදුවු බව කියන අක්‍රමිකතා ඇතුළු චෝදනාවන් හතක් සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ නියමයෙන් පසුගිය (31දා) සිට විදුහල්පතිධුරයෙන් තාවකාලිකව ඉවත්කර අනුරාධපුර කළාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කෙරුණි.
කිසිදු චෝදනාවක් නොමැති විදුහල්පතිවරයා විදුහලෙන් ඉවත්කල බව කියමින් මවුපියන් පිරිසක් ඔහුව පාසලෙන් ඉවත් කිරිමට එරෙහිව විරෝධය පලකිරිමට පැමිණෙන බව දැනගත් දරු දෙදෙනාගේ දෙමාපියන් විරෝධතාව සදහා පැමිණ සිටියත් විදුහල්පතිවරයාට පක්ෂපාති බව කියන කිසිවෙකු විරෝධතාවක් දැක්විම සදහා විදුහල ඉදිරිපිටට පැමිණ නොසිටියහ.
තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වු මලියදේව මාවත අනුරාධපුර ලිපිනයේ පදිංචි ගයාන් ශ්‍රීලාල් විතානගේ මහතා.මට ලොකු අසාධාරණයක් වෙලා තියන නිසයි මම මෙතෙන්ට අද ආවේ.තමන්ගේ දරුවන් පාසලේ අධ්‍යාපනය ලබන නිසා ඒ මවුපියෝ කියනවා විදුහල්පති හොදයි කියලා.මගේ දරුවා පාසලට ඇතුලක් කරගන්න නම් බුදුමැදුර හදලා දෙන්න කියලා රුපියල් 130000ක ඇස්තමේන්තුවක් දුන්නා.මගේ ලග ඒ ඇස්තමේන්තුව තියනවා.
එකම ගෙදර ඉන්න දරුවෝ දෙන්නාගෙන් එක් අයෙක් පාසල් යනවා අනෙක් කෙනාට පාසල අහිමියි. පොරොන්තු ලේඛණයේ 17වෙනියා පාසලට 16වෙනියා ගෙදර.විදුහල්පතිවරයා සම්පූර්ණයෙන් වැරදි සහගත ආකාරයට දරුවන් පාසලට ඇතුලත්කර ගත්තේ.ඒ නිසයි ඔහුට විමර්ශන පැවත්වුණේ යනුවෙන් ඒ මහතා පැවසුවේය.
දරුවන් සමග එහි ගිය දෙමාපියන්ට අද (05දා) සවස වනවිට පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණ මහතා හමුවිට අවස්ථාව ලැබුණු අතර ඔවුන්ට හෙට(06දා) දිනයේ අනුරාධපුර කළාප අධ්‍යාපන කාර් යාලයට ගොස් අදාල ගැටළුව ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදි තිබුණි.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය