ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සහ එරට කතානායක නැන්සි පෙලොසි අතර ආරවුල උග්ර වී ඇත.
ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් කොංග්රසයට වාර්ෂික කතාව ඉදිරිපත් කළ අතර කතානායක නැන්සි පෙලොසිට අතට අත දීම ප්රතික්ෂේප කිරීමත් ඇය ජනාධිපතිවරයාගේ කතාව ඇතුළත් ලියවිල්ල ඉරා දැමීමත් දෙදෙනා අතර ඇති ආරවුල තීව්ර කිරීමට සමත්විය.
ජනාධිපතිවරයා සහ කතානායක අතර තිබෙන ගැටුම උත්සන්න වන ආකාරයේ වචන ද භාවිත විය.
ජනාධිපති ට්රම්ප්ගේ කතාව පැවැත්වෙද්දි රිපබ්ලිකන්වරුන් වරින් වර නැගිට අත්පොළසන් දුන් අතර ඩිමොක්රටික්වරු නිහඬව අසුන් ගෙන සිටියහ.
ජනාධිපතිවරයා කොංග්රසය ඇමතීමට පෙර කතානායකවරයා සාම්ප්රදායිකව ඔහු හඳුන්වාදෙන අතර එහිදි ගෞරවාන්විත සහ වරප්රසාදිත යන අරුත් දෙන ඉංග්රීසි වදන් යොදාගැනේ.
එහෙත් මෙවර කතානායිකා පෙලොසි ට්රම්ප් හඳුන්වාදුන්නේ “කොංග්රසයේ සාමාජිකයනි, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති” යනුවෙනි.