තායිලන්තයේ තාවකාලික පැවිද්ද සදහා රජයේ නිලධාරින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව තායිලන්තයේ රජුගේ ජන්ම දිනය මූලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරිම ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ම විශේෂ වූ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමටයි තායිලන්ත රජය මෙම වසරේ දී සැලසුම් කර ඇත්තේ.

මෙම වැඩසටහන ලබන ජුනි මාසයේ දි දින 15ක් පුරාවට තායිලන්තයේ දි පැවත්විමට සැලසුම් කර ඇති බව සඳහන්.

මේ සදහා වැඩිදුර තොරතුරු බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය වෙඩ් අඩවිය වන hpps://www.mbs.gov.lk බාගත කර හැක.

ඒ සඳහා අයදුම්පත් Online ක්‍රමය මගින් පමණක් යොමු කරන ලෙසත්, කිසිදු හේතුවක් මත මාර්ගගත ක්‍රමයෙන් තොරව අයදුම්කිරිමට නොහැකි බවත් එම නිවේදනයේ සඳහන්.

Similar Posts