පවතින අධික වර්ෂාවත් සමඟ කොළඹ – බදුල්ල ප්රධාන මාර්ගයට හපුතලේ විහාරගල ප්රදේශයෙන් පස් කන්දක් කඩා වැටි තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම පස්වලින් වැසී ඇත.මේ අතර හපුතලේ සහ හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් (කහ) නිවේදන නිකුත්කර තිබේ.
එමෙන්ම පවතින වර්ෂාව සහ රාත්රි කාලයේ පවතින මීදුම හේතුවෙන් හපුතලේ ප්රදේශයේ මාර්ගවල රිය ධාවනයේ දී විමසිලිමත්වන ලෙස රියදුරන්ට දැනුම් දෙයි.