මේ වනවිට දිවයින පුරා දන්සල් 2200ක් ලියාපදිංචි වී ඇති බවයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.

වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දන්සල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි නව ඇප් එකක් හඳුන්වා දී තිබේ.

Google Play Store වෙත පිවිස ‘දන්සල’ ඇප් බාගත කර ගැනීමෙන් අනතුරුව ලංකාව තුළ ලියාපදිංචි සියලුම දන්සල්, ඒවා පැවැත්වෙන ස්ථානය, වෙලාව, ලබා දෙන්නේ මොනවාද යන තොරතුරු සියල්ල ඔබට දැන ගත හැකි බවයි පැවසෙයි.

Android, Apple සහ Web යන සියලු ආකාරවලින් මෙම ඇප් එක බාගත කර ගැනීමට හැකියාව පැවතීම විශේෂත්වයක්.වෙසක් පහන්, තොරණ්, බක්ති ගීත සංදර්ශන ආදිය පැවැත්වෙන ස්ථානද මෙම ඇප් එක මඟින් හඳුනා ගැනීමට හැකි බවයි පැවසෙයි.

එමෙන්ම, දන්සල් පැවැත්වෙන ස්ථාන පිළිබඳ තොරතුරු ඔබටත් මෙම එක ඇප් එකට ඇතුළත් කිරීමට හැකියාව පැවතීම තවත් විශේෂත්වයක් වෙයි.

Similar Posts