මධ්‍යම කදුකතරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති අධික වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 37කට අර්ථ හානි සිදුවිමෙන් පවුල් 37ක සමාජිකයන් 155 දෙනකු අවතැන්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් සහකාර ප්‍රාදේශීය ලේකම් රසිකා සදමාලි මහත්මිය පවසන ලද්දේ මෙම බල ප්‍රදේශයට පැවති සුලං හා වැසි තත්වයන් මත 27වන දින උදැසන වන විට නිවාස 37කට අර්ධ හානි සිදුව ඇති බවත්ය.

පැවති සුලං තත්වයන් මත මෙහි නිවාසවල වහල සෙවිලි සුලගේ යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් එම තත්වයන් මත එම නිවාසවල පදිංචිව සිටි පවුල් 37ක සමාජිකයන් 155 දෙනකු අවතැන්ව ඇති බවද සදමාලි මහත්මිය පැවසිය.

නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ බ්‍රවුන්ස්වික්,වෙන්චර්, බගවන්තලාව, නිව්වැලි, බොගවාන, මාඋස්සාකැලේ, මරේ, සිතගගුල, ටිලරි, ඉන්ජස්ට්‍රි, ලෙතන්ටි, ඇන්ෆිල්ඩ්, යන ප්‍රදේශවල නිවාසවලට මෙසේ අර්ධ හානි සිදුව ඇති බවත් මෙම හානිවලින් අවතැන්වු පිරිස් මේ වන විට ඔවුන්ගේ ඥති නිවාසවල තාවකාලිකව පදිංචිව සිටින අතර එම පිරිසට අවශ්‍ය සහන සැලසිමට මේ වන විට පියවර ගනිමින් සිටින බවද රසිකා සදමාලි මහත්මිය වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts