මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් හේතුවෙන් ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ එච්. එම්. එම්. බී. බණ්ඩාර මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රිකය තුල දැඩි සුලං සමග අධික වැසි තත්වයන් පවතින බවත්ය.
මෙම දැඩි සුලං තත්වයන් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවල ගස් කඩා වැටිම් සිදුව ඇති බවත් තව දුරටත් ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බවත්ය.
මෙසේ විවිධ ස්ථානවල සිදුවන ගස් කඩා වැටිම් හේතුවෙන් විවිධ අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයෙන් කටයුතු කරන ලෙස සියළුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්