ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත ලබන පෙබරවාරි 18,19,20 යන දින වලදී කොප් කමිටුවට කැඳවීමට සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කරයි.
මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව නිකුත්වී ඇති වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාබස් මිලදී ගැනීමේ ගණුදෙනුවට අදාලව විදේශ රටකදී දෙන ලද නඩු තීන්දුව හා සම්බන්ධව ඉදිරියේදී කෝප් කමිටුව තුළ සාකච්ඡා කිරීමට බලාපෙරොත්තු වන බවද සභාපතිවරයා පැවසීය.
විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාබස් මිලදී ගැනීම සහ එයාබස් මිලදී ගැනීමේ ගණුදෙනු අවසන් කිරීමේ ගිවිසුම් පිළිබඳ කෝප් කමිටුව විසින් සකසන ලද වාර්තා දෙකක් මීට පෙර පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර තිබේ.
මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව කෝප් කමිටුව විසින් අනාවරණය කර ගත් කරුණු ඊට අදාල ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් සහ වෝහාරික විගණන වාර්තාවේ කරුණු වලින් සනාථ වන බව සිය මතය බවද සභාපතිවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.