රට පුරා ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටී ඇති ලක්ෂ තුනකට අධික විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි සැපයීම යථාවත් කිරීම සේවක හිඟය නිසා තවදුරටත් ප්‍රමාදවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
විදුලිය බිඳවැටීම් යථාවත් කිරීමට අවශ්‍ය අතිරේක සේවක පිරිසක් නොමැති බවත්, ඒ පිළිබඳව විෂයභාර ඇමැතිවරයා කළ ප්‍රකාශය තමන්ට ගැටලුවක් බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
විදුලිය අත්‍යාවශය සේවාවක් බවට රජය නම් කර තිබුණ ද, සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීමට හෝ සිටින සේවකයන් රඳවා ගැනීමට රජය, විෂය භාර ඇමැතිවරයා හෝ ලංවිම අධ්යක්ෂ මණ්ඩලය සාධනීය පියවර ගෙන නැති බවයි එම සංගමය චෝදනා කරයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලිය බිඳවැටීම් යථාවත් කිරීමේදී සිදුවන ප්‍රමාදය පිළිබඳව තමන් ජනතාවට කණගාටුව පළ කරන බව ද විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය වෙනුවෙන් එහි සභාපති, ඉංජිනේරු, ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.