මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි සුළං හා අධික වැසි තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැන තැන පස් කදු කඩා වැටිමේ හා ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරියකු පැවසිය.

මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල මෙම ප්‍රදේශයන්ට පවතින දැඩි සුළං හා අධික වැසි සමග පස් කදු කඩා වැටිමේ හා ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බවත්ය.

මේ වන විටද නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැන තැන ගස් කඩා වැටිම් පස් කදු කඩා වැටිම් සිදුවිම් සිදුව ඇති බවත් පවතින දැඩි සුළං හේතුවෙන් නිවාසවල වහල සෙවිලි ගසා ගෙන ගොස් ඇති බවත් ඉදිරි දිනවලද මෙවන් තත්වයන් ඇතිවිය හැකි බවද එම නිලධාරියා පැවසිය.

මෙම තත්වයන් හේතුවෙන් විවිධ අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බැවින් මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයකින් පසුවන ලෙස මෙම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts