මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය මේ වන විට පිටාර ගැලිම ආරම්භවි ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එහ ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය පිරි එහි ජලය මේ වන විට පිටාර ගලමින් පවතින බවත්ය.
මෙම ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලිමත් සමග කැලණි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානමක් පැවතිය හැකි බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts