හැටන් වැවිලි සමාගම කියන්නේ ඔබලාගේ පවුලේ දෙයක් මෙහි සේවය කරන වතු කම්කරුවන්ගේ උගත් දරුවන්ට මෙහි රැකියාවන් ලබා දිමට මෙසේ කටයුතු කරන්නේ ඔබලාගේ යහපත වෙනුවෙන් බව එම වැවිලි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මේනක අතුකෝරල මහතා පවසයි.
හැටන් වැවිලි සමාගමේ වතු 13නක කාන්තාවන් 21 දෙනකු සදහා එම වතුවල කේෂ්ත්‍ර නිලධාරි හා කාර්යාලවල රැකියා පත්විම් ලබා දිමේ උත්සවයක් අමතමින් මේනක අතුකෝරල මහතා මේ බව පැවසිය.
හැටන් වැවිලි සමාගමට අයත් දික්ඔය පිහිටි පුහුණු මධ්‍යස්ථානයේදි මෙම පත්විම් ලබා දිම සිදු කල අතර මෙහිදි වැඩි දුරටත් කතා කල මේනක අතුකෝරල මහතා මෙම වැඩ සටහන මෙයට වසර කිපයකට පෙර සිතේ පහලවු දෙයක් එත් මෙය කර ගැනිමට හැකි වෙයිද කියන සැකයත් තිබුනා.
එත් මෙම අභියෝගය මෙම කාන්තාවන්ට බාර දිමේ අරමුණ මත මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන මෙම කාන්තාවන් බදවා ගෙන ඔවුන්ට යම් පුහුණුවක් ලබා දිමට පියවර ගත්තා.
එම පුහුණුවේදි වැටහුනා මෙම අභියෝගය මෙම පිරිස ඉතා හොදින් ජය ගන්නා බවට ඒ අනුව එම පුහුණුව සාර්ථකව ඉටුකල පිරිස තමයි අද මෙම පත්විම් ලබා ගන්නේ.
අද මෙම පත්විම් ලබා ගන්නා මෙම කාන්තාවන්ගේ දෙමාපියන්ට සතුටු වෙන්න පුලුවන් තම දරුවන් තමන් සේවය කරන වැවිලි සමාගම තුලම කේෂත්‍ර නිලධාරින් ලෙසත් කාර්යාලවල විවිධ තනතුරු දැරිම පිලිබදවත්.
අපි මෙම වැඩ සටහන ඉදිරියටත් ක්‍රියාත්ම කරමින් තවත් පිරිසකට මෙවැනි තනතුරු ලබා දිමටත් මෙම පත්විම් ලැබු අයගේ සේවා කුසලතාවයන් මත ඔවුන්ගේ තනතුරු උසස් කිරිමටත් පියවර ගන්නවා එම නිසායි මම මුලින්ම පැවසුවේ මෙම වැවලි සමාගම ඔබලාගේ පවුලේ දෙයක් බව.
මෙහිදි එම වැවිලි සමාගමේ අධ්‍යක්ෂ ගවුරි සන්කර් සමන්‍යධිකාරි වරුණ යන මහත්වරුන්ද ඇතුළු පිරිසක්ද කතා කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts