ගැස් මිල අඩුවුවද හැටන් ආශ්‍රිත ප්‍රදේශවල සමහර හෝටල්වල රයිස් කොත්තු ඇතළු කෙටි කෑම වර්ගවල මිල ගණන් අඩු නොවිම දැඩි ගැටලුවක් බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ ගෑස් මිල ඉහල දැමු විගස රයිස් කොත්තු ඇතුළු කෙටි කැම වර්ගවල මිල දමන මෙම හෝටල් හිමියන් ගෑස් මිල පහල දමන විට එකි ආහාර වල මිල පහත දැමිමට පියවර නොගැනිම දැඩි ගැටලුකාරි තත්වයක් බවත්ය.

මේ වන විට දෙතුන් වරක්ම ගෑස් මිල අඩු වුවද මෙම ප්‍රදේශයේ සමහර හෝටල් හිමියන් එයට ප්‍රථිචාර ලෙස ආහාර වර්ගවල මිල පහත නොදැමිම පිලිබදව අදාල නිලධාරින්ගේ අවදානය යොමු විය යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල සමහර බේකරිවල අඩු බර විකිනිමත් සමග මෙම ප්‍රදේශයේ සමහර පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගියන් පිරිසක් පවසනුයේ මේ වන විට හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල සමහර බේකරිවල නිපදවන පාන්වල නියමිත බර ප්‍රමාණයන් නොමැති බවත්ය.

සමන්‍ය පාන් ගෙඩියක බර ග්‍රැම් 450ක් වියයුතු වුවද ‍හැටන් ආශ්‍රිත ප්‍රදේශවල සමහර බේකරිවල නිපදවන පාන් ගෙඩියේ බර ග්‍රැම් 380ත් 410ත් වන බවත් මෙකි තත්වයන් මත පාන් මිලදි ගන්නා තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් පවසති. මෙසේ අඩු බර පාන් නිපදවමින් අහිංසක පාරිභෝගිකයන් ගසා කැමට ලක් කරන බේකරි හිමියන් පිලිබදව අදාල බලධාරින්ගේ දැඩි අවදානය යොමු විය යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts