පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද (20) සිට විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වෙයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය පූජා නගරය වෙත පැමිණෙන සැදැවතුන්ගේ ගමනාගමන පහසුව සැලසීම සඳහා එම බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙයි.

වන්දනාමාන කිරීම සඳහා අනුරාධපුරයට පැමිණෙන ජනතාවගෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේ, අනුරාධපුර නගරය අපවිත්‍ර නොකර වන්දනාමාන කටයුතු සිදුකරගන්නා ලෙසයි.

Similar Posts