බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ ස්වාධීනව පරීක්ෂණ කළ හැකිද?
අවුරුදු ගණනාවක සේවයේ යෙදී ඉඳළා විශ්‍රාම ගත් අපරාධ පරීක්ෂණ නිලධාරියෙක් ලෙස ශානි අබේසේකර ට මේ වන විට මේ වන විටත් වධහිංසා නඩුවක් පැවරී නැත. වධහිංසාවෙන් තොරව අපරාධ පරීක්ෂණ කිරීමට දැනුමින් සන්නද්ධ වුනු, අදාල සිදුවීම ගැඹුරින් අධ්‍යයනය කළ, එම සිදුවීම මනසින් කියවිය හැකි, පුද්ගලයෙක්ට වධහිංසාවෙන් තොරව අපරාධ පරීක්ෂණයන් සිදු කළ හැකිය. අපරාධ පරීක්ෂණයන් සඳහා භාවිතා කළ හැකි නවීන ක්‍රමවේද ලෝකයේ තිබේ. CCTV, DNA භාවිතය, ඇගිළි සලකුණු, Live Detective Test, වැනි ක්‍රම එ සඳහා භාවිතා කළ හැකිය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා මේ අදහස් පළ කරන ලද්දේ වධහිංසනයට පාත්‍ර වූවන් සඳහා සහයදැක්වීමේ ජාත්‍යයන්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සංවිධානය කරන ලද විද්වත් කතිකාවට සහභාගි වෙමිනි. ආචාර්ය ගෙහාන් ගුණතිලක, නීතිඥ ලක්ෂාන් ඩයස්, ශානි අබේසේකර,ආචාර්ය චූලනී හේරත්නී,තිඥ දිමුතු  ප්‍රදීප් ජයසිංහ යන අය අදහස් දක්වන ලදි.

aithiya

Similar Posts