උඩරට දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන දුම්රිය පීලි පැනිම් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව දුම්රිය මගින් පවසති.
මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මෙම වසරේ මෙම මාස හයක කාලයක් තුලදි රාත්‍රි තැපැල් දුම්රියක් ඇතුළු දුම්රිය 11ක් පීලි පැනිමට ලක්වු බවත්ය.
උඩරට දුම්රිය මාර්ගය යනු දැඩි දුස්කර දුම්රිය මාර්ගයක් බවත් මෙම මාර්ගයේ මෙසේ නිරන්තරයෙන් සිදුවන දුම්රිය පිලි පැනිම් හේතුවෙන් බොහෝ අවස්ථාවලදි තමන්ට දිගු දුරක් පයින් යාමට සිදුවන බවත් එම තත්වයන් මත තමන් සතුව ඇති විවිධ භාන්ඩද රැගෙන යාමට සිදුවිමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවද එම පිරිස් පවසති.
උඩරට දුම්රිය මාර්ගයේ සමහර ස්ථාන නිසි නඩත්තුවකින් තොරව පැවතිම මෙසේ දුම්රියක් පිලි පැනිමට හේතු වන්නට ඇතැයි තමන් සැක සිතන බවත් මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර මෙකි දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු කර දුම්රිය මගින්වන තමන්ට යහපත් දුම්රිය සේවයක් ලබා දිමට පියවර ගන්නා ලෙස අදාල නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද එම පිරිස් වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts