dailyreporter

වතුකරයේ දැඩි දරිතතාවයේ පෙලෙන පිරිස් සියයට විසි හතක් සිටියද එයින් සියයට විසි එකකට පමනක් අස්වැසුම ලැබෙන බව සමික්ෂණයකින් අනාවරණයවු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නව ප්‍රසාද් මහතා පවසයි.

ප්‍රිඩෝ ආයතනයේ උපදෙස් හා සංවිධානය මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකර ජනතාව සදහා අස්වැසුම ලැබි ඇති අකාරය පිලිබදව කරන ලද සමික්ෂණය පිලිබදව අනාවරණය කිරිමක් හැටන් සිඩා ආයතනයේදි සිදු කල අතර එහිදි මේ බව පැවසු නව ප්‍රසාද් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

මේ සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නොර්වුඩ්, තලවාකැලේ, නුවරඑළිය යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශවල එක් ග්‍රාම නිලධාරි වශම බැගින් තෝරා ගෙන එම ග්‍රාම නිලධාරි වශම් හතරේ පවුල් පන් දාහාක් සමික්ෂණයට ලක් කලා.

මෙම සමික්ෂයේදි අස්වැසුම ලැබිය යුතු පිරිස් විශාල පිරිසක් සිටියත් එයින් දැඩි ද්‍රරිතතාවයන්ට ලක්වු පවුල් සියයට විසි හතක් සිටියත් එයින් සියයට විසි එකකටයි මේ අස්වැසුම ලැබිලා තියෙන්නේ එමෙන්ම අස්වැසුම සදහා ඉල්ලිම් කර ඇති අයදුම්පත්වලින් සියයට පනහක් ප්‍රතික්ෂේව වෙලා තියෙනවා යම් යම් අඩු පාඩු නිසා.

එම තත්වයන් මත මේ අස්වැසුම ලැබිය යුතු විශාල පිරිසක් අත්හැරිලා තියෙනවා මේ අස්වැසුම ලැබි ඇති සියයට විසි එකෙන් සියයට අනු අටක්ම තමන් ලබා ගන්නා අස්වැසුම ප්‍රථිලාබවලින් ණය ගෙවන්නයි සෞඛ්‍ය ගැටලුවලටයි වැය කරලා තියෙන්නේ මේ ප්‍රතිලාභින්ගෙන් සියයට දෙකක් පමනයි යම් මුදලක් ඉතිරි කිරිමට පෙලබිලා තියෙන්නේ.

මේ සමික්ෂනයේදි හෙලිවු තවත් කරුනක් තමයි වතුකර ජනතාවට මේ අස්වැසුම ලබා දිමේදි අස්වැසුම ලැබිය යුතු සමන්‍ය පවුල් සියයට හැට එකක් මග හැරි තිබෙන බව මෙයට වග කිවයුත්තේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතුයි මෙයින් හෙලිවන දෙයක් තමයි වතුකරයේ මේ අස්වැසුම නිසි ලෙස ක්‍රියාත්මක නොවිම.

එමෙන්ම මේ වතුකර ජනතාවගෙන් දැඩි දරිතතාවයෙන් පෙලෙන සියයට හයක් සදහා අස්වැසුම කඩිනමින් ලබා දිමටත් පියවර ගත යුතුයි ග්‍රාම සේවා වශම් හතරක පන් දාහාසක පිරිසක් අතරින් සියයට හයක් කියන්නේ වතුකරය ගත් විට විශාල පිරිසක් එම තත්වයන් මත මේ පිලිබදව අදාල බලධාරින්ගේ දැඩි අවදානයත් යොමුවිය යුතුයි.

මෙම අවස්ථාවට ප්‍රිඩෝ ආයතනයේ බගවන්තලාව සම්බන්ධිකාරක එන්. කරුණාකරන් ප්‍රිඩෝ ආයතනයේ මෙහෙයුම් අධික්ෂන නිලධාරි බානි යටවර යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක්ද එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts