dailyreporter

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජූලි 15 වන දා සිට 30 වන දා දක්වා ක්‍රියාත්මක කිරීමට කටයතු නියමිත බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබේ. පළමු අදියර සඳහා සුදුසුකම් ලැබු ප්‍රතිලාභින් ලක්ෂ 18ට අමතර ව දෙවන අදියරය සඳහා ඉල්ලුම් කළ මුළු අයදුම්පත් ප්‍රමාණය 450,924 කි. ඒ අනුව ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන්නන් මෙම මස අවසන් වීමට පෙර තෝර ගැනීමට කටයතු යොදා ඇත.
පළමු අදියරය සඳහා සුදුසුකම් ලැබු ප්‍රතිලාභින් 1,854,000 සඳහා ප්‍රතිලාභ ගෙවීමට රුපියල් බිලියන 58.5 ක මුදලක් රජය විසින් වෙන් කර ඇත. පළමු අදියරය සඳහා සුදුසුකම් නොලැබූ හා අයදුම්පත් යොමු කිරීමට නොහැකි සියල්ලටම දෙවන අදියරය සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සපයා ඇත.
දෙවන අදියරයේ දී ද පළමු අදියරයේ ආකාරයට කාණ්ඩ හතරක් යටතේ ප්‍රතිලාභ ගෙවීම සිදුකරනු ලැබේ එනම් සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දිළිඳු හා අන්ත දිළිඳු යන කාණ්ඩ සඳහා අදාල ප්‍රතිලාභ ගෙවීම සිදු කෙරේ. මීට අමතරව අබාධිත පුද්ගලයන්, වැඩිහිටියන් හා වකුගඩු රෝගීන් සඳහා ද ගෙවීම් සුපුරුදු පරිදි ගෙවීම් සිදුකරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දන්වා ඇත.
එමෙන්ම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් තොරතුරු සංගණනය කටයතු කාර්‍යක්ෂමව සිදු කරගෙන යාමට මෘදුකාංගයක් (Mobile app එකක්) හඳුන්වා දී ඇති අතර එමඟින් ඡායාරූප ලබා ගැනීමට, භූ සිතියම් ලබා ගැනීමට, හඬපට ලබා ගැනීමට හැකි මෘදුකාංගයක් ලෙස මෙම Mobile app එක සකසා ඇත. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම මෘදුකාංගය හරහා තොරතුරු සටහන්කර ගැනීමට සැලසුම් කර ඇත.

aithiya

Similar Posts