බන්ධනගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මස 16 වැනිදා ලබා දී තිබේ. වාර්ෂික බන්නාගාර දිනය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ.

එදින රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ සනීපරක්ෂක ද්‍රව්‍ය එක රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි දීමට අවස්ථාව හිමි වනු ඇති.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරවල ක්‍රියාත්මක වන බවයි ගාමිණි බී. දිසානායක මහතා කියා සිටියේ.

Similar Posts