විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය වෙනුවෙන් දේශපාලන පක්ෂයක නම සහ ලාංඡනය ඇතුලු සංශෝධන කිහිපයකට අවසර දෙන ලෙස මැතිවරණ කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුවත් මැතිවරණ කොමිසම විසින් අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.
නව සන්ධානය හා මැතිවරණ ලකුණ පිළිබදව විධිමත් ආකාරයෙන් ඉල්ලීම් කළහොත් ඒ පිළිබඳ සළකා බැලිය හැකි බවද මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බවයි අනාවරණය වෙයි.