නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ඉඩ පහසුකම් මදි විමත් සමග එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවිධ වැඩ කටයුතු කර ගැනිමට යන ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා නිසි ලෙස ඉඩ කඩ නොමැති විමත් සමග එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවිධ සේවාවන් ලබා ගැනිමට යන තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.
එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිගණක යන්ත්‍රද බොහෝ අවස්ථාවලදි නිසි ලෙස ක්‍රියාත්මක නොවන තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවද එම පිරිස් වැඩි දුරටත් පවසන ලදි.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි තම අනන්‍යතාවය හෙලි නොකරන ලෙස ඉල්ලමින් අදහස් දැක්වු එම ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට පවතින ගොඩනැගිල්ල කුඩා ගොඩනැගිල්ලක් බැවින් මේ තුල යම් යම් අඩුපාඩුකම් පවතින බවත්ය.
ගොඩනැගිල්ල තුල යම් යම් අඩුපාඩු පැවතියද විවිධ සේවාවන් ඉටු කර ගැනිමට පැමිනෙන ජනතාවගේ අවශ්‍යතාවයන් නිසි ලෙස ඉටු කරදිමට මෙහි සිටින කාර්ය මණ්ඩලය දැඩි කැපවිමකන් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් මෙවැනි කුඩා ස්ථානයක හෝ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ආරම්භ කිරිමද ප්‍රදේශයේ ජනතාව ලැබු විශාල ජයග්‍රහානයක් බවත්ය.
මේ වන විට මෙම ගොඩනැගිල්ලට අමතර කොටසක් ඉදි කරමින් පවතින බවත් එය නිමවිමෙන් පසු මෙම ස්ථානයට පැමිනෙන ජනතාවට යම් සහනයක් ලැබෙනු ඇති බවද එම නිලධාරියා පැවසිය.
එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල විවිධ සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මුදල් ප්‍රථිපාදන ලැබෙමින් පවතින බවත් ඒ අනුව මෙම ගොඩනැල්ල තුල අවශ්‍ය ඉඩපහසුකම් මදි වුවද ප්‍රදේශයේ සංවර්ධන කටයුතු රාශියක් ඉදිරියේදි ඉටු කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts