යුද්ධ, කැරැලි ආදී ව්යසනවලින් පසුව සමාජය සුවපත් කිරීමට කළ යුතු දේ ඉතා වැදගත්. එහිදී සමාජයට විශාල වගකීමක් තිබෙනවා.
ආගමික කටයුතු, පහන් දැල්වීම, පිරිත් කීම, බෝධි පූජා පමණක් නොවෙයි පොල් ගැසීම පවා බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් පසු සමාජය සුවපත් කිරීමේදී වැදගත්. ඒ වෙනුවෙන් අවස්ථාව ලබාදීම ඉතා වැදගත්.
පශ්චාත් කම්පන වර්ධනය Post traumatic growth හෙවත්, අර්බුදවලින් පසු සාධනීය වර්ධනයන්ටත් අවස්ථාව ලබාදිය යුතුයි. ජීවිතවල පෙර නොවූ ධනාත්මක වෙනස්කම් ඇති විය හැකියි. පොත් ලිවීම, කලාත්මක නිර්මාණ, ආධ්යාත්මික වර්ධනය, පුණ්යායතන ආරම්භ කිරීම, කාන්තාවන් සවිබල ගැන්වීම වැනි සාධනීය සංවර්ධනයන් ද ඇති වෙනවා.
ජනවාර්ගික ප්රශ්නය උතුරේ ප්රශ්නයක් ලෙස තේරුම් ගැනීම වැරදියි. එය දකුණ ද ඇතුළු සමස්ත සමාජයේම ප්රශ්නයක්. මේ සමාජ ගැටලුව පශ්චාත් යුද සමයේ සිනමාව වැනි කලාවන් තුළ පැවති අධිපතිවාදී දැක්ම විසින් ප්රකාශයට පත් වුණා.
අප හැම දෙනාම තුවාල සහිත අයයි. එම නිසා සහකම්පිත සාක්ෂිකරුවන් බවට පත්වෙන්නට උත්සාහ කරමු.
– විශේෂඥ මනෝ වෛද්ය ප්රසාද් මොහොට්ටි, People Unite for Justice and Accountability (PUJA) වැඩසටහන යටතේ 2024 ජුලි 18 දින මාතරදී පවත්වන ලද දැනුවත් කිරීමේ සම්මන්ත්රණයේදී….

Similar Posts