එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව නිල වශයෙන් ඔහුගේ පෞද්ගලික X ගිණුම ඔස්සේ ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයන් වෙත පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ඔහු වැඩිදුරටත් එම පණිවිඩය මගින් උප ජනාධිපතිධූරයට තමා විසින් තෝරාගත් කමලා හැරිස් ඉදිරි ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂිකාව විය යුතු බවටද යෝජනා කර තිබේ.
ජනාධිපති බයිඩන්ට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ලෙස ඩිමොක්‍රටික් පක්ෂ අභ්‍යන්තරයෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වූ අතර ඔහු එම බලපෑම් සමනය කරගනිමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලකිය යුතු උත්සහයක් පසුගිය කාලය මුළුල්ලේ දරණ ලදී.

Similar Posts